27.2 C
Colombo
Wednesday, February 25, 2026

සිය වැරදි මෙනෙහි කර ගන්නා ලෙස‍‍ට චීනයෙන් ජපානයට ඉල්ලීමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපානය සිය වැරදි මෙනෙහි කර ගත යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

මෑත වසරවලදී, ජපානය අඛණ්ඩව වසර දහතුනක් පුරා සිය ආරක්ෂක පිරිවැය වැඩි කර ඇති අතර, අවි අපනයන සීමාවන් ද නැවත නැවතත් ලිහිල් කර තිබේ. එමෙන්ම “නිර්න්‍යෂ්ටික මූලධර්ම තුන” සංශෝධනය කිරීමට ජපානය උත්සාහ දරා ඇති බවද Lin Jian මහතා ප්‍රකාශ කළේ ය. ඔවුන් “කයිරෝ ප්‍රකාශනයේ” සහ “පොට්ස්ඩෑම් ප්‍රකාශනයේ” සඳහන් වන ජපානය පිළිබඳ වගන්ති ක්‍රමයෙන් උල්ලංඝනය කරමින් සිටින අතර, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජපානය දුන් පොරොන්දු ද  කඩ කර ඇති බව  ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය දූත මණ්ඩලය නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිය බැරෑරුම් ස්ථාවරය අවධාරණය කර ඇත. පශ්චාත් දෙවන‍ ලෝක යුද ජාත්‍යන්තර පිළිවෙලට ජපානය එල්ල කරන අභියෝග  සහ ජපානයේ මිලිටරිවාදයේ නැවත නැඟිටීමේ ක්‍රියාමාර්ගවලට චීනය දැඩි ලෙස විරුද්ධ වේ. තම වැරදි අවංකව මෙනෙහි කර නිවැරදි මාර්ගයේ යමින් යුද්ධයේ පරාජිත ජාතියක් ලෙස තම යුතුකම් ඉටු කරන ලෙස චීන පාර්ශ්වය නැවත වරක් ජපානයෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here