එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා චීනයේ බෙයිජිං නගරයේ පැවැත්වීමට නියමිත හමුදා ආචාර පෙළපාළිය චීන මාදිලියේ නවීකරණය නව ගමනකට රැගෙන යාම තහවුරු කිරීමේ දී සිදු කෙරෙන ප්‍රථම හමුදා ආචාර පෙළපාලිය බව අවධාරණය කෙරේ.
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි තොරතුරු පිළිබඳව දැනුවත් කළේය.
මෙවර හමුදා ආචාර පෙළපාළිය, ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, සමස්ත චීනය සහ චීන හමුදාව තුළ සියලු ජාතීන් එක්සත් කර චීන මාදිලියේ නවීකරණය තවදුරටත් ඉහළ මට්ටමට රැගෙන යාමේ ක්‍රියාවලියේ දී පැවැත්වෙන ප්‍රථම හමුදා ආචාර පෙළපාළිය බව අදාළ ආයතනවල නිලධාරීහු එහිදී හඳුන්වා දූන්හ. හමුදා ආචාර පෙළපාළිය විනාඩි 70ක් පුරා පැවැත්වීමට නියමිත ව ඇති බවට ද දැනුවත් කෙරිණ.