27.7 C
Colombo
Friday, August 22, 2025

“ෂී ජින් පිං මහතාගේ ස්වභාවික සම්පත් විෂයෙහි දැක්ම පිළිබඳ උපුටා ගැනීම්” අධ්‍යයනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් බෙයිජිංහි දී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ෂී ජින් පිං මහතාගේ ස්වභාවික සම්පත් විෂයෙහි දැක්ම පිළිබඳ උපුටා ගැනීම්” අධ්‍යයනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් අද(2) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ සාමාජික හා රාජ්‍ය මණ්ඩලයේ උප අගමැති He Lifeng මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස්, නව යුගයේ ස්වභාවික සම්පත් පිළිබඳ කාර්යයන් සඳහා මූලික පදනමක් සපයා ඇති බව, He Lifeng මහතා පැවසීය. මෙම “උපුටා ගැනීම්” අධ්‍යයනය, ප්‍රචාරය කිරීම හා ක්‍රියාත්මක කිරීම, වර්තමාන හා අනාගත කාලවලදී ස්වාභාවික සම්පත් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දේශපාලන මෙහෙයුමක් ලෙස සැලකිය යුතු ය. එමගින් කෙන්ද්‍රිය අදහස් සම්පූර්ණ, නිවැරදි හා පුළුල් ලෙස අධ්‍යයනය හා ක්‍රියාත්මක කිරීමෙන්, අධ්‍යන ප්‍රතිඵල ඵලදායි කාර්යයක් බවට පරිවර්තනය කරන අතර, ස්වභාවික සම්පත් පිළිබඳ කටයුතු නව අයුරින් කළ යුතු බව, He Lifeng මහතා සඳහන් කළේ ය.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, ස්වභාවික සම්පත් අමාත්‍යංශය ඇතුළු අදාළ ආයතනවල ප්‍රධානීහු, විශේෂඥයෝ හා විද්වත්හු ඊට එක් වූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here