27.2 C
Colombo
Wednesday, February 25, 2026

“ෂී ජින් පිං – චීන පාලනය” යන ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ඉංග්‍රීසි සංස්කරණය දකුණු අප්‍රිකාවේදී එළිදැක්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ෂී ජින් පිං – චීන පාලනය” යන ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ඉංග්‍රීසි සංස්කරණය පිළිබඳ ප්‍රචාරක රැස්වීම ඊයේ (03) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී පැවැත්විණ. එය චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය, චීන විදේශ භාෂා ප්‍රකාශන පරිපාලනය සහ දකුණු අප්‍රිකාවේ චීන තානාපති කාර්යාලය එක්ව සංවිධාන ලදී. චීන සහ විදේශීය යන විවිධ අංශවලින් 200 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

නවීකරණය පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීම, ගෝලීය දකුණ සහ ගෝලීය පාලනය මෙන්ම නව යුගයේ චීන-අප්‍රිකා සහයෝගීතාවයේ අර්ථය පොහොසත් කිරීම වැනි තේමා පිළිබඳව ඊට සහභාගී වූ ආරාධිතයෝ එහිදී අදහස් හුවමාරු කර ගත්හ. “ෂී ජින් පිං – චීන පාලනය” යන ග්‍රන්ථයේ පස්වන වෙළුම, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයේ නවතම වර්ධනයන් පුළුල් ලෙස පිළිබිඹු කරන බවත්, ගෝලීය දකුණේ රටවලට නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා වටිනා චීන ප්‍රඥාව සහ විසඳුම් සපයන බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here