26.1 C
Colombo
Thursday, February 26, 2026

“ෂී ජින්පිං මහතාගේ ආර්ථික ලේඛන සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ ලේඛන පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරන ලද “ෂී ජින්පිං මහතාගේ ආර්ථික ලේඛන සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම මධ්‍යම සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරින ලදි.

එම ග්‍රන්ථය වසර 2012 නොවැම්බර් මාසයේ සිට වසර 2024 දෙසැම්බර් මාසය දක්වා ආර්ථික සංවර්ධනය පිළිබඳ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් සහ මූලික කෘතියකි. වාර්තා, කථා, දේශන සහ උපදෙස් 74ක් එහි අඩංගු වේ. ඇතැම් ලිපි මුල් වරට ප්‍රසිද්ධ කිරීම විශේෂත්වයකි.

“ෂී ජින්පිං මහතාගේ ආර්ථික ලේඛන සංග්‍රහය” ග්‍රන්ථයේ පළමු වෙළුම, සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය සහ සියළු ජනවර්ගවල ජනතාවට, නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය, විශේෂයෙන් ඔහුගේ ආර්ථික සංවර්ධන සංකල්පය ගැඹුරින් අධ්‍යයනය කිරීම පිළිබඳ පෙළ පොතක් ලෙසට සැලකේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here