26.4 C
Colombo
Thursday, August 21, 2025

“ෂී ජින්පිං: චීන පාලනතන්ත්‍රය” නමැති ග්‍රන්ථයේ පස්වන වෙළුම ප්‍රකාශයට පත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ෂී ජින්පිං: චීන පාලනතන්ත්‍රය” නමැති ග්‍රන්ථයේ පස්වන වෙළුම චීන සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, පක්ෂ ඉතිහාසය සහ ලේඛන පර්යේෂණ ආයතනය සහ චීන විදේශ භාෂා ප්‍රකාශන පරිපාලනය විසින් සංස්කරණය කරන ලද එම වෙළුම, විදේශ භාෂා මුද්‍රණාලය මගින් මෑතකදී චීන සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම පස්වන වෙළුම 2022 මැයි 27 සිට 2024 දෙසැම්බර් 20 දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළ කළ වාර්තා, කථා, ලිපි සහ උපදෙස් යනාදී කොටස් 91 කින් සමන්විතයි. ඉන් ඇතැම් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර ඇත්තේ පළමුවරට වීමද විශේෂත්වයකි.

ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දේශීය හා ජාත්‍යන්තර කටයුකු සම්බන්ධීකරණය කරමින්, නවීන සමාජවාදී රටක් පුළුල් ලෙස ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ පියවර එම වෙළුමෙන් දක්වා ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රඥාව ද ඉන් පිළිබිඹු කෙරේ. එය චීනයේ විසඳුම් සහ ප්‍රඥාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය ගැඹුරු කිරීමටත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් ඉතා වැදගත් වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here