26.4 C
Colombo
Tuesday, August 26, 2025

‘ෂී ජින්පිං ගේ ආර්ථික චින්තන මාලාව’යන විශේෂ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ සම්මන්ත්‍රණයක් බෙයිජිංහිදී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘ෂී ජින්පිං ගේ ආර්ථික චින්තන මාලාව’යන විශේෂ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ(22) බෙයිජිංහිදී පැවැත්විණ.

එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය සහ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම විසින් ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලදි. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂ Zheng Shanjie මහතා සහ චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Sheng Haixiong මහතා එම සම්මන්ත්‍රණයට එක් වෙමින් ‍දේශන පැවැත්වූහ.

එම වැඩසටහන පළමුවරට විකාශය කිරීමෙන් පසු උණුසුම් ප්‍රතිචාර හිමි විය. චීන මාධ්‍ය සමූහයට අයත් විවිධ මාධ්‍ය වේදිකා හරහා  ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණන මිලියන 403 ඉක්මවා ඇති බව Sheng Haixiong මහතා එහිදී පැවසීය.

ෂී ජින්පිං මහතා‍‍ගේ ආර්ථික දැක්ම තවදුරටත් ව්‍යාප්ත කොට එය මනාව පැහැදිලි කිරීමටත් චීන ආර්ථික සංවර්ධනයේ අපූරු අනාගතය ප්‍රචලිත කිරීමටත් එය ඵලදායී කාර්යභාරයක් ඉටු කර තිබේ. චීන මාධ්‍ය සමූහය, භාෂා 82ක් ඔස්සේ, CGTN නාලිකාව සහ විදේශීය ප්‍රවෘත්ති මධ්‍යස්ථාන වැනි සන්නිවේදන වේදිකා හරහා ෂී ජින්පිං මහතාගේ ආර්ථික දැක්ම ප්‍රවර්ධනය කරමින්, ආධිපත්‍යයට විරුද්ධ වීම, යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම සහ නිවැරදි මාවත අනුගමනය කිරීම පිළිබඳ චීනයේ හඬ ලෝකයට ප්‍රකාශ කර ඇති බව ද Sheng Haixiong මහතා එහිදී සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here