25 C
Colombo
Sunday, October 5, 2025

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ අගනුවර‍ට පැමිණි චීන ජනපතිට උණුසුම් ප්‍රතිචාර

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ස්ථාපිත කිරීමේ 70 වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස ඊයේ (23) එම ස්වායත්තයේ Urumqi අගනුවරට පැමිණියහ.

ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ විවිධ ජාතීන්ට අයත් වැසියන් විසින් ෂී ජින් පිං මහතා සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනිණ.

ඊයේ (23) ගුවන්තොටුපළේදී චීන ජනපති ඇතුළු මෙම පිරිස පිළිගත් ෂින්ජ්‍යංහි ප්‍රාථමික පාසල් සිසුවෙක් පසුව සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවසුවේය.

“මම ෂී ජින් පිං සීයාට මල් දුන් විට, ඔහු මා සමඟ සිනාසීම, මට ලොකු සතුටක් දැනුණු දෙයක්, ඔහු මට ස්තූතියි පවා කිව්වා.”

පිළිගැනීමේ උත්සවයට සහභාගී වූ තවත් අයෙක් මෙසේ පැවසීය: “ෂින්ජ්‍යං වෙත පැමිණීම ගැන ජනාධිපතිතුමාට ස්තූතියි. මෙවර එතුමාව දැකීමෙන් අපි, ෂින්ජ්‍යං ජනතාව විශේෂයෙන් ඉමහත් සතුටට පත් වුණා. අපගේ ෂින්ජ්‍යංහි සංවර්ධනය ඉහළ මට්ටමකට ගෙන යාම ගැන එතුමන්ට අපි නැවතත් ස්තූතිවන්ත වනවා.”

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here