27.2 C
Colombo
Wednesday, February 25, 2026

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය වෙත චීන අගමැතිවරයාගෙන් ශෝක පණිවිඩයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති ආපදා තත්ත්වය පිළිබඳව චීන අගමැති ලී ච්‍යං මහතා  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබේ.

මෑතකදී ඇති වූ අඛණ්ඩ අධික වර්ෂාපතනය ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල ජීවිත හා දේපළ හානි සිදු වූ බව දැන ගත් විට තමා කම්පනයට පත් වූ බව ලී ච්‍යං මහතා (3) දා යොමු කළ එම පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත. විපතෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය පළ කරන අතර විපතෙන් බලපෑමට පත්ව සිටින ජනතාවට සිය බලවත් සංවේගය පළ කරන බව ද ඔහු කීය.

චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට උපකාර දක්වන අවංක අසල්වැසියන් පමණක් නොව, අත්වැල් බැඳගෙන දුෂ්කරතා මැඩපවත්වන මනා මිතුරන් බව ලී ච්‍යං මහතා සඳහන් කළේය. මෙම දුෂ්කර අවස්ථාවේදී චීනය ස්ථීර ලෙස ශ්‍රී ලංකාව සමඟ සිටින අතර, ව්‍යසනයන් හැකි ඉක්මණින් මැඩපවත්වමින් සිය නිවාස යළි ගොඩනැගීමට ශ්‍රී ලංකා ජනතා‍ව ගන්නා උත්සාහයන්ට දැඩිව සහාය වන බව ඔහු ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here