31.7 C
Colombo
Wednesday, February 25, 2026

වෙනිසියුලාවට එල්ල කළ ආක්‍රමණයෙන් පසු ‘ආරක්ෂාව’ සඳහා ග්‍රීන්ලන්තය අවශ්‍ය බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

වෙනීසියුලාවට සිදු කළ ආක්‍රමණයෙන් පසු ඇමරිකාවට ‘ආරක්ෂාව’ සඳහා ග්‍රීන්ලන්තය අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. වෙනිසියුලාව ඇමරිකාවේ ආක්‍රමණයට යටත් වන අවසාන රට නොවිය හැකි බවට ද අනතුරු අඟවමින් ඊයේ(04) ඔහු The Atlantic සඟරාව සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සඳහන් කර ඇත.

වෙනීසියුලාවට එරෙහිව සිදු කළ ඇමරිකාවේ විශාල පරිමාණයේ මිලිටරි මැදිහත්වීමෙන් ග්‍රීන්ලන්තයට ලබා දෙන පණිවිඩය සියලු පාර්ශ්ව අවබෝධ කරගත යුතු බව ද එහිදී ට්‍රම්ප් පවසා ඇත.

ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය Mette Frederiksen මහත්මිය ඊයේ(04) මෙයට පිළිතුරු දෙමින් සඳහන් කළේ ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට ඇමරිකාවට කිසිදු අයිතියක් නොමැති බවය. එමෙන්ම වොෂින්ටනයට සමීප මිතුරෙකුට සහ ග්‍රීන්ලන්තයේ මහජනතාවට එරෙහිව තර්ජන එල්ල කිරීම වහාම නතර කරන ලෙසත් ඇය ඉල්ලා සිටී.

ගෙවී ගිය වසර පුරාම ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම පිළිබඳ සඳහන් කළ අතර එයට ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්කය සහ යුරෝපා සංගමයේ දැඩි විරෝධතා එල්ල විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here