වෙනිසියුලාවට ඇතුළු වන හෝ පිටවන සියලුම ‘තහනම්’ ඉන්ධන රැගත් නෞකා සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට නියෝග කළ බව ඇමරිකානු ජනාධිපති Donald Trump ඊයේ(16) නිවේදනය කළේ ය. වත්මන් වෙනිසියුලා රජය “විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස සලකන බව ද ඔහු සමාජ මාධ්‍යවල පළ කර තිබේ.
මෑතකදී, “මත්ද්‍රව්‍ය තහනම් කිරීමේ” මුවාවෙන් වෙනිසියුලාව ආසන්න කැරිබියන් මුහුදේ යුද නැව් කිහිපයක් යෙදවූ ඇමරිකාව වෙනිසියුලාව පීඩනයට පත් කිරීමට පියවර ගත්තේය.
තම රට ආරක්ෂා කිරීමට සූදානම් බව වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍ය Vladimir López මහතා 15 වැනිදා ප්‍රකාශ කළේය. වෙනිසුලානු ජනතාව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නින්දිත දුෂ්ට ක්‍රියාවලට එරෙහිව නැගී සිටින බව ද ඔහු අවධාරණය කළේය.

