වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් හි රැඳවුම් මධ්‍යස්ථානයකට රැගෙනවිත් ඇති අතර ලබන සතියේ ඔහු නිව්යෝර්ක් හි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එහිදී නිකලස් මධුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම් පිළිබඳ චෝදනා ගොනු කෙරෙනු ඇත.ඇමරිකාව වෙනිසියුලාවට එරෙහි ප්‍රහාරය සාර්ථකව සිදු කළ බවත් එරටේ ජනාධිපතිවරයා හා ඔහුගේ ආර්යාව ඇමරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටතට රැගෙන ආ බවත් ඇමරිකානු ජනාධිපති Donald Trump මීට පෙර සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය. “ආරක්ෂිත සහ විධිමත් බල හුවමාරුවක් පැවැත්වෙන තෙක්” ඇමරිකාව විසින් වෙනිසියුලාව පාලනය කරනු ඇති බවද හෙතෙම පැවසීය. ඊට අමතරව, ඇමරකාවේ විශාල ඛනිජ තෙල් සමාගම් වෙනිසියුලාවට ඇතුළු වී ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරනු ඇති අතර ඉන් ලාභ ඉපැයීම ආරම්භ කෙරෙනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් වෙනිසියුලානු උප ජනාධිපති, ඛනිජ තෙල් අමාත්‍ය Delcy Eloína Rodríguez Gómez මහත්මිය ඊයේ ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළේ ජනාධිපති නිකලොස් මධුරෝ වෙනිසියුලාවේ “එකම ජනාධිපතිවරයා” වන අතර වෙනිසියුලාව කිසි විටෙකත් කිසිදු රටක යටත් විජිතයක් බවට පත් නොවනු ඇති බවයි. “පැහැර ගත්” නිකලොස් මධුරෝ සහ ඔහුගේ ආර්යාව නිදහස් කරන ලෙස ඇය එහිදී ඇමරිකාවෙන් ඉල්ලීමක් ද කළාය. එමෙන්ම සන්සුන්ව සිටින ලෙසත් එක්ව අභියෝගවලට මුහුණ දී ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කරන ලෙසත් ඇය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

