27.2 C
Colombo
Wednesday, February 25, 2026

විනිවිදභාවයෙන් යුතු වෙළඳ ප්‍රතිපත්තියකට අනුගත වන්නැයි චීනය ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලයි‍‍

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

විනිවිදභාවයෙන් යුතුව වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙස චීනය ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවලට ආයාචනා කරයි.‍‍ ලෝක වෙළඳ සංවිධානයේ වාර්ෂික වෙළඳ විධිවිධාන අධීක්ෂණ වාර්තාව නිකුත් කිරීමත් සමඟ ඊයේ (2) පැවති එහි සමාලෝචන රැස්වීමකට එක් වෙමින් චීන නියෝජිතයා මේ අදහස් දැක්විය.

වත්මන් ලෝක ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දෙමින් තිබෙන අතර අධික තීරු බදු වැනි වෙළඳ බාධක ඉහළ යාම ගෝලීය වෙළඳාමට බරපතල අ‍භියෝගයක් වී ඇත. මෙවන් පසුබිමක ලෝක වෙළඳ සංවිධානය මෙවර වෙළඳ විධිවිධාන අධීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ඉතා වැදගත් බව චීන නියෝජිතයා එහිදී කියා සිටියේ ය. ඇමරිකාව ලෝක වෙළඳ සංවිධානයේ වැදගත් සාමාජිකයෙකු වුවද සිය වෙළඳ වැඩපිළිවෙළ සම්බන්ධව එම සංවිධානය නියමිත පරිදි දැනුවත් නොකළ බැවින් සංවිධානයේ අධීක්ෂණ කටයුතුවල ඵලදායීතාවට අහිතකර බලපෑම් සිදු වී තිබේ. සාමාජිකයෙකු වශයෙන් සිය වෙළඳ වැඩපිළිවෙළ විශේෂයෙන් තීරු බදු වෙනස් කිරීම පිළිබඳව කාලෝචිතව ලෝක වෙළඳ සංවිධානයට දැනුම් දීමේ අවශ්‍යතාව චීන නියෝජිතයා පෙන්වා දෙයි. එසේ ම සිය වෙළඳ ප්‍රතිපත්ති විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරමින් බහුපාර්ශ්වික ගෝලීය වෙළඳ පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම සහතික කරන ලෙස චීනය එහිදී සියලු සාමාජිකයන්ට ආයාචනා කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here