26 C
Colombo
Friday, August 22, 2025

විදෙස් ආයෝජන සංවර්ධනයට චීනය විශාල වේදිකාවක් වන බව චීන අගමැති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

උතුරු චීනයේ ටියැන්ජින් හි පැවති ගිම්හාන ඩාවෝස් සමුළුවේ සම්මන්ත්‍රණයකට සහභාගි වූ චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ඊට එක්ව සිටි ව්‍යාපාරිකයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් සහ කලාප 30කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් ව්‍යාපාරිකයෝ 160 දෙනෙක් පමණ සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය Li Qiang මහතා සඳහන් කළේ, චීන ආර්ථිකය ස්ථාවර වර්ධනයක් පවත්වා ගන්නා අතරම විදෙස් ආයෝජන සංවර්ධනය කිරීම සඳහා ද විශාල වේදිකාවක් ලබා දෙන බව ය.

එමෙන්ම විවිධ රටවල ව්‍යවසායන් චීන වෙළඳපොළට වඩාත් ගුණාත්මක නිෂ්පාදන සහ සේවා සපයමින් චීන සමාගම් සමඟ තාක්ෂණික හා කාර්මික සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බවට ද චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය විශ්වාසය පළ කළේය.

ඒ ඔස්සේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා වන සැපයුම සහ ඉල්ලුම මෙන්ම තාක්ෂණික දියුණුව සහ කාර්මික තරඟකාරිත්වය තුළ හුවමාරු කර ගත හැකි ප්‍රගතිය වඩා හොඳින් පෙළගස්වනු ඇති බවත් අපේක්ෂාව කරන බව ද හෙතෙම පැවසීය.

තවද, චීනය තුළ ආයෝජනය කිරීමට එක් වන විදේශ ව්‍යවසායන් සාදරයෙන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍ය Li Qiang මහතා මෙහිදී අවධාරණය කළේය.

මේ අතර, මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටි නියෝජිතයින් සඳහන් කළේ, චීනයේ ආර්ථික අපේක්ෂාවන්, විවෘතභාවය සහ සහයෝගීතාවය කෙරෙහි තමන් විශ්වාසයෙන් සිටින බවයි.

ඒ අනුව චීනයේ තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා සිය ආයෝජන ඉහළ දමන බවත්, කාර්මික හා සැපයුම් දාම සුමටව පවත්වාගෙන යාම සහතික කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here