චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෑතකදී චීන ජාතික ස්වාභාවික විද්‍යා පදනමේ කටයුතු පිළිබඳව වැදගත් උපදෙස් ලබා දී තිබේ. ස්ථාපිත කොට ගතවූ පසුගිය වසර 40 තුළ චීන ජාතික ස්වාභාවික විද්‍යා පදනම මූලික පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමේදී සහ නවෝත්පාදන ප්‍රවීණයන් පෝෂණය කිරීමේදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එම ආයතනය නව ගමනේදී, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය මනා ලෙස අධ්‍යයනය කර, නව වටයේ තාක්ෂණික විප්ලවය සහ කාර්මික පරිවර්තනය අවස්ථාවක් ලෙස ප්‍රයෝජනයට ගනිමින්, මූලික පර්යේෂණයන්හි උපාය මාර්ගික, ඉදිරි දැක්මක් සහිත සහ ක්‍රමානුකූල සැකැස්ම ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා පැවසීය. විද්‍යා පදනමේ ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් අරමුදල් පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ අරමුදල් කාර්යක්ෂමතාව ඉහළ නංවාලීම සමග හිතකර පර්යේෂණ පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කරයි. මේ තුළින් විද්‍යාත්මක අභියෝගයන් ජය ගනිමින් වඩාත් වැඩි ප්‍රතිඵලදායී තත්ත්වයන් ඇති කරමින් ඉහළ මට්ටමේ විද්‍යාත්මක හා තාක්‍ෂණික ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීමටත් විද්‍යා හා තාක්ෂණික ශක්තියෙන් බලවත් රටක් ගොඩනැගීමටත් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා වැඩිදුරටත් පැවසීය.

