29 C
Colombo
Thursday, February 26, 2026

වැදගත් වාර්තා කිහිපයක් 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු නායක මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ ඉහළ පෙළේ නියෝජිතයෝ වැදගත් වාර්තා කිහිපයකට සවන් දෙති. එහි පූර්ණ සැසිය ඊයේ (26) චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ආහාර ආරක්ෂණ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාව එම පූර්ණ සැසියට ඉදිරිපත් කෙරුණු අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ තත්ත්වය එහිදී පැහැදිලි කෙරිණ. විවිධ අභියෝග හා ප්‍රශ්ණද අවධානයට ලක්වූ අතර අදාළ නීතියේ පූර්ණ සමාලෝචනයක් කඩිනමින් සිදු කිරීම ද ඊට අයත් විය. 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නායක මණ්ඩල අවධානයට ලක් කළ තවත් වාර්තාවක් වූයේ වනාන්තර නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවය. චීනයේ වන සම්පත් සුරැකුම හා ජෛව පුනරුත්ථාපනයේ ලබා ඇති ප්‍රගතිය එහිදී විශේෂයෙන් ඉස්මතු කෙරිණ. එම නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ දෙන ප්‍රධාන ගැටළුද වාර්තාවෙන් ඉදිරිපත් කෙරුණු අතර වන සම්පත් ප්‍රමාණාත්මක ගුණාත්මක යන අංශ දෙකෙන්ම වර්ධනය‍ට අදාළ නිර්දේශ ද එහි සඳහන් විය. එම නියෝජිතයන් ගේ අවධානයට ලක්වූ තවත් වාර්තාවක් වූයේ මූල්‍ය කාර්ය පිළිබඳ වාර්තාවය. සාපේක්ෂව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය නියාමනය තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම ඉහළ ගුණාත්මක මූල්‍ය සේවා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම එම වාර්තාව මගින් සැලකිල්ලට ලක්කර තිබේ.

2024 රාජ්‍ය සතු දේපළ කළමණාකරණයට අදාල වාර්තාව ද සැසිවාරයට ඉදිරිපත් කෙරිණ. අපරාධ දඬුවම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාව ද එම පූර්ණ සැසියට ඉදිරිපත් කෙරුණු අතර අපරාධ දඬුවම් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග සහ එහි කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවී‍ම සම්බන්ධ යෝජනා ද ඊට අන්තර්ගත විය.

මහජන අධිකරණවල සමුද්‍රීය නඩු විභාග පිළිබඳ ශ්‍රේෂ්ඨාධික‍රණ‍ ප්‍රධානියාගේ වාර්තාවක් මෙන්ම, උත්තරීතර මහජන නීති සැපයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ මහජන අධිකරණ මගින් අපරාධ දඬුවම් ක්‍රියාත්මක කිරීමට අදාළ අධීක්ෂණ වාර්තාවකට ද 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ ඉහළ පෙළේ නියෝජිතයෝ සවන් දුන්හ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here