26.4 C
Colombo
Thursday, August 21, 2025

වසර 2025 මුල් භාගයේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධනය සියයට 5.3ක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ මුල් භාගයේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 66.05ක් බවත් එය වසරින් වසර සියයට 5.3ක වර්ධනයක් බවත් චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දුෂ්කර හා පීඩාකාරී තත්ත්වයන් හමුවේ වුවද මෙම වසර මුල් භාගයේ වඩාත් සක්‍රිය සාර්ව ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් චීන ආර්ථිකය ස්ථාවර හා යහපත් වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන යාමට සමත් වූ බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී ‍Sheng Laiyun මහතා කියා සිටියේය. ඒ, අද(15) රාජ්‍ය මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රටේ විශාල පරිමාණයේ කාර්මික අංශයේ එකතු කළ අගය සියයට 6.4කින් වැඩි වූ බව ද ඔහු හෙළි කළේය.

ඒ අතරින් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කර්මාන්තයේ එකතු කළ අගය වසරින් වසරට සියයට 10.2කින් වර්ධනය වූ අතර ඉහල තාක්ෂණික නිෂ්පාදන කර්මාන්තයේ වර්ධන අනුපාතය සියයට 9.5කි.

නිෂ්පාදිත අංශයෙන් බැලුවහොත්, 3D ප්‍රින්ටර් උපකරණ, නව බලශක්ති මෝටර් රථ, කාර්මික රොබෝවරුන් පිළිබඳ නිෂ්පාදන ධාරිතාව වෙන්වෙන්ව සියයට 43.1, සියයට 36.2, සියයට 35.6කින් වැඩි වූ බව ද Sheng Laiyun මහතා කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here