27.2 C
Colombo
Wednesday, February 25, 2026

වසරේ ආර්ථික හා සමාජයීය සංවර්ධන ඉලක්ක සපුරාලීමට චීනයට සමත් වනු ඇතැයි චීන අගමැති කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන අගමැති ලී ච්‍යං මහතා ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල ප්‍රධානීන් සමග එක්ව සංවාදයක් පවත්වයි. අද(09) බෙයිජිං හි Diaoyutai රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී එම සංවාදය පැවැත්විණ. නව සංවර්ධන බැංකුවේ අධිපතිනි Dilma Rousseff, ලෝක බැංකු අධිපති Ajay Banga, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් Kristalina Georgieva, ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala ඇතුළු මහත් මහත්මීහූ ඊට එක්වූහ.

මෙම වසරේ, විවිධ පීඩා හමු වුවද චීන ආර්ථිකය නව සංවර්ධන ප්‍රතිඵල අත්කර ගෙන ඇතැයි චීන අගමැතිවරයා පැවසීය. ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා වන මෙම වසරේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇති බවට චීනය විශ්වාස කරයි. ඉකුත් ඔක්තෝබර් මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ දී ‘15 වන පස්අවුරුදු’ සැළැස්මේ යෝජනා සම්මත කෙරිණ. ඒ හරහා ඉදිරි වසර 5හේ‍(2026-2030) චීනයේ විවිධ ක්ෂේත්‍රයන් හි සංවර්ධන මැනවින් සැළසුම් කර තිබේ. විවෘතභාවය තවදුරටත් තහවුරු කරන චීනය, වඩාත් වැඩි විදේශ ව්‍යවසායන්ට චීනයේ ආයෝජන කිරීමට ආරාධනා කරන බව ද චීන අගමැති ලී ච්‍යං මහතා එහිදී සඳහන් කළේය.

මෙම වසරේ, ස්ථාවර වර්ධනයක් ඉටු කර ඇති චීන ආර්ථිකය, ලෝක ආර්ථින වර්ධනයට විශාල පිටුබලයක් ලබා දී ඇති බවත්, චීනයේ ‘15 වන පස් අවුරුදු’ සැළැස්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ වර්ධනයට සැලකිය යුතු අයුරින් අනුකූල වන බවත් එම සංවාදයට එක්වූ ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල ප්‍රධානීන්ගේ පොදු අදහස වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here