චීන වසන්ත උත්සවය උදාවීමට පෙර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු නායකයන් Hu Jintao හා Zhu Rongji ඇතුළු හිටපු නායකයන් හා විශ්‍රාමික චීන ඉහළ පෙළේ නිලධාරීන්ගේ සුවදුක් විමසමින් වසන්ත උත්සවය වෙනුවෙන් සුභ පතති.
එම හිටපු නායකයෝ හා ඉහළ පෙළේ නිලධාරීහූ ඊට ස්තුතිය පළ කරමින් ගෙවී ගිය වසරේ චීන කොමියුන්ස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ කාර්යයන් වෙත ඉහළ ප්‍රශංසා පළ කළහ. මේ වසර, 14 වැනි පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක ළඟා කරගැනීමේ තීරණාත්මක වසර ය. ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය, චීන මහජන විමුක්ති හමුදාව මෙන් ම සමස්ත චීන ජනතාව මේ වසරේ ප්‍රධාන ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාර්ථකව සාක්ෂාත් කරනු ඇතැයි ද ඔවුහූ විශ්වාසය පළ කළහ. ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ චීන මාදිලියේ නවීකරණය ඔස්සේ චීන ජනතාව ප්‍රබල රටක් ගොඩනැගීම, ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කරනු ඇතැයි ද ඔවුහු අපේක්ෂා පළ කළහ.