26.4 C
Colombo
Monday, August 25, 2025

“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය සෙනගාල් රාජ්‍යයේදී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන “වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය සෙනගාල් රාජ්‍යයේ ඩකාර් අගනුවරදී පසුගියදා (13) පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දොපර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් එම අවස්ථාවේදී දේශනයක් සිදු කළේය. සෙනගාල් රාජ්‍යයේ වැඩබලන චීන තානාපතිනි ලී යෑන් මහත්මිය, සෙනගාල් ජනපතිගේ අමාත්‍ය මට්ටමේ උපදේශක  Amadou Tidiane Wone මහතා ඇතුළු දෙරටේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතවරු 70ක පමණ පිරිසක් එම සංවාදයට සහභාගී වූහ.ලොව විශාලතම, වැඩිම මාධ්‍ය ආකෘති සහිත, පුළුල්ම ආවරණයකින් යුත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙස, චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ සුසංයෝගාත්මක විකාශ ශක්‍යතා හා විද්‍යා තාක්ෂණ නවෝත්පාදන හැකියාවන් විදහා පාමින් ලෝක පොදු සමෘද්ධිය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ මානව වර්ගයාගේ වඩාත් සුන්දර අනාගතයක් වෙනුවෙන් දායකවීමට කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය.තම රජය චීනය සමග සම්බන්ධතාවය බෙහෙවින් අගය කරන බව සෙනගාල් ජනපතිගේ අමාත්‍ය මට්ටමේ උපදේශක  Amadou Tidiane Wone මහතා එහිදී පැවසීය. චීන මාදිලියේ නවීකරණයේ ජයග්‍රහණ අත්දැකීම් අප්‍රිකානු රටවලට ආදර්ශයක් වන බව ද ඔහු කීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here