30.8 C
Colombo
Saturday, August 23, 2025

වගකීම් විරහිත ක්‍රියා නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය ඇතුළු රටවල මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති සම්බන්ධයෙන් ඊනියා ජාතිකාරක්ෂක” පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට චීන වාණිජ අමාත්‍යංශය දැඩි අතෘප්තිය සහ විරෝධය පළ කරයි.

සත්‍ය සාක්ෂි නොමැතිව ඇමරිකාව ගත් මෙම තීරණය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් බව චීන වාණිජ අමාත්‍යංශය ඊයේ(7) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම පියවර ජාතිකාරක්ෂක සංකල්පය අශෝභන අයුරින් සමාන්‍යකරණය කිරීමකි. එය සෙසු රටවල කර්මාන්ත පීඩාවට ලක් කිරීමට රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමක් ලෙසට චීන වාණිජ අමාත්‍යංශය චෝදනා කරයි. එමගින් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හී සුමට පැවැත්මට බාධා කෙරෙන අතර ඇමරිකාව ඇතුළු පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකාම් නොසලකා හැරෙන බවද එම නිවේදනයේ සඳහන් වෙයි. එසේ ම, චීනය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර වෛෂයික කරුණු කෙරෙහි ගරු කරමින් වැරදි ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලන බව ද චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here