27.9 C
Colombo
Monday, August 25, 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුමට චීනයේ අඛණ්ඩ සහාය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්බන්ධයෙන් චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වයි.

පසුගිය 20 වනදා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති 78වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්මත කර ඇත.මේ සම්බන්ධයෙන් චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුවේ හදිසි ප්‍රතිචාර කර්යාලයේ ප්‍රධානී Hu Guang මහතා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ ස්ථාවරය පැහැදිලි කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුම සම්පාදනය කිරීම COVID-19 වසංගතය පැතිරී යාමෙන් පසු ලෝක මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීමේ පරිපාලන ප්‍රතිසංස්කරණයේ වැදගත් පියවරකි. එම ගිවිසුමට අදාළ සාකච්ඡාවලට චීනය සැම විටම සක්‍රිය ලෙස සහභාගි වූ බව හෙතෙම සඳහන් කළේය. මහජන සෞඛ්‍ය ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ චීන ජනපති ෂී ජින්පිං මහතාගේ සංකල්පය අනුව, අදාළ සාකච්ඡාවලදී සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින් ඒ ඒ රටවල් හා එක්ව, සමගිය හා සහයෝගිතා තහවුරු කිරීම චීනය ප්‍රවර්ධනය කර ඇත.වසංගත වැළැක්වීම් හා නිරීක්ෂණය යන තාක්ෂණික කරුණුවලදී විද්‍යාත්මක සංකල්පයෙන් අදාළ ගිවිසුම් සකස් කිරී‍මට චීනය ගැඹුරු දායකත්වයක් දැක්වූ බව ද Hu Guang මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව, සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ නිෂ්පාදන සාධාරණ ලෙස ලබා ගැනීමට කරන ලද ඉල්ලීම්වලට චීනය බ්‍රසීලය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශය යන රටවල් සමග සක්‍රිය ලෙස ප්‍රතිචාර දක්වා ඇත. වගකීම් සහගත රටක් ලෙස චීනයේ යහපත් ක්‍රියාකාරිත්වය මෙමගින් පිළිබිඹු වන බව ද චීන ජාතික රෝග වැළැක්වීම් හා පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here