ක්ෂය රෝගය වැළැක්වීමේ හා ප්‍රතිකාර කිරීමේ මෙහෙයුම්වලට එක්වී සෙනහස පතුරුවා එහි ප්‍රගතීන් මානවයා වෙත ලබා දෙන මෙන් චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය විවිධ රටවලින් ඉල්ලයි.
ක්ෂය රෝග හා ඒඩ්ස් රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තානාපතිවරිය ද වන Peng Liyuan මහත්මිය ඊයේ(18) එම සංවිධානයේ 2026 වසරේ ලෝක ක්ෂය රෝග දින වීඩියෝ සම්මන්ත්‍රණය වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළාය.
මෙවර සම්මන්ත්‍රණයේ දී ‘රටවල් නායකත්වයෙන් ජනතාවගේ බලයෙන්’යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වීම, ජගත් ප්‍රජාව ක්ෂය රෝගයෙන් ඇති වන පොදු සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම තහවුරු කිරීමට ඉතා වැදගත් බව ඇය එහිදී ප්‍රකාශ කළාය.
ක්ෂය රෝග පාලනය වෙත සැමවිටම ඉහළ අවධානයක් දක්වන චීනය, එම රෝගය පැතිරීම අඩු හා මධ්‍ය මට්ටමකට ළඟා කර ගෙන ඇතැයි ද ඇය පැවසුවාය. ‘ලක්ෂ සංඛ්‍යාත ස්වේච්ඡා සේවකයින් ක්ෂය රෝග වැළැක්වීමේ හා ප්‍රතිකාර කිරීමේ දැනුම ලබා දීමේ වැඩසටහන’ චීනය ක්‍රියාත්මක කිරීමේ 15 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. මෙමගින් ස්වේච්ඡා සේවා ව්‍යාපෘති අසූදහසකට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති බව ද Peng Liyuan මහත්මිය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

