31.7 C
Colombo
Wednesday, February 25, 2026

ලොව විශාලතම තැපැල් සහ සීඝ්‍රගාමී බෙදාහැරීමේ ජාලය චීනයෙන්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“14වැනි පස් අවුරුදු සැලැස්ම”ක්‍රියාත්මක කළ සමයේ චීනය, ලොව විශාලතම තැපැල් සහ සීඝ්‍රගාමී බෙදාහැරීමේ ජාලය ගොඩනගා ඇති අතර, එමගින් වැඩි පිරිසකට ප්‍රතිලාභ සලසා ඇති බව චීන ජාතික තැපැල් කාර්යාංශය පවසයි.

තැපැල් සහ සීඝ්‍රගාමී බෙදාහැරීම් ව්‍යාපාරයේ ආදායම වාර්ෂිකව 10%කින් වර්ධනය වී ඇති අතර, එක් පුද්ගලයෙකුට වාර්ෂික සීඝ්‍රගාමී බෙදාහැරීමේ භාවිතය ද දෙගුණ වී ඇත.

“14වැනි පස් අවුරුදු සැලැස්ම”ක්‍රියාත්මක කළ සමයේ චීනයේ තැපැල් සහ සීඝ්‍රගාමී බෙදාහැරීම් ව්‍යාපාරයේ සේවා හැකියාවන් අඛණ්ඩව වැඩිදියුණු කර ඇති බව චීන ජාතික තැපැල් කාර්යාංශයේ දත්තවලින් පෙන්නුම් කෙරේ.

චීනයේ වාර්ෂික සීඝ්‍රගාමී බෙදාහැරීමේ පරිමාව දස බිලියන ගණනක සිට බිලියන සිය ගණනක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහිදී බෙදා හැර ඇති පාර්සල් සංඛ්‍යාව ද බිලියන 80කට අධික ප්‍රමාණයක සිට බිලියන 200කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබේ. එමෙන්ම එක් පුද්ගලයෙකුට වාර්ෂික සීඝ්‍රගාමී බෙදාහැරීමේ භාවිතය පාර්සල් 59 සිට 141 දක්වා වැඩි වී තිබේ.

පසුගිය 2025 වසරේ චීනයේ තැපැල් හා සීඝ්‍රගාමී බෙදාහැරීම සඳහා එක්කර ඇති පාර්සල් සංඛ්‍යාව බිලියන 216.5ක් දක්වා ඉහළ ගොස් ඇත. එය පසුගිය 2024 වසරට සාපේක්ෂව 11.5%ක වැඩිවීමකි.

ගෙවී ගිය වසර පහ තුළ, චීනයේ තැපැල් සහ සීඝ්‍රගාමී බෙදාහැරීම් ව්‍යාපාරය සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීමේ මට්ටම ද වැඩිදියුණු වී ඇති අතර, විශාල පරිමාණයෙන් ක්‍රියාත්මක බෙදාහැරීමේ මධ්‍යස්ථාන මූලික වශයෙන් ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයක් අත්කර ගෙන ඇත. චීනයේ තැපැල් සහ සීඝ්‍රගාමී බෙදාහැරීමේ සේවාවන්හි සමස්ත ප්‍රවාහන කාර්යක්ෂමතාව, තොරතුරුකරණය සහ සංවිධාන මට්ටම, සේවා පරාසය සහ පිරිවැය-ඵලදායීතාවය ලොව ප්‍රමුඛතම ස්ථාන අතර පවතී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here