26.7 C
Colombo
Thursday, August 21, 2025

ලොව පැරණිතම ගුහා සිතුවම ඉන්දුනීසියාවෙන් සොයා ගැනේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලොව මෙතෙක් අනාවරණය කරගෙන ඇති ගුහා චිත්‍ර අතරින් ලොව ඉපැරැණි ම ගුහා චිත්‍රය ඉන්දුනීසියාවෙන් හමු වී තිබේ.

වල් ඌරකුගේ සිතුවමක් වන මෙය වසර 45,500ක් පැරැණි බව විශ්වාස කෙරේ.

තද රතු පැහැති ඕචර් වර්ණක යොදාගෙන ජීවමාන ප්‍රමාණයට ඇඳ ඇති මේ සිතුවමින් නිරූපණය වන්නේ ඉන්දුනීසියාවේ සුලාවෙසිවල ජීවත් වන සුලාවෙසි වාර්ටි පිග් ලෙස හඳුන්වන වනගත ඌරාය. ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ඈත පිහිටා ඇති තැනිතලාවක ලෙයෑන්ග් ටෙඩොඤ්ඤෙ ගල්ගුහාවෙන් මේ චිත්‍රය හමු වී ඇත.

මේ නිසා ඉතාම ආදි කාලයේ මේ ප්‍රදේශයේ මිනිස් ජනාවාස පිහිටි බවට මෙය කදිම නිදසුනක් යැයි විද්‍යාඥයෝ පවසති.

මේ සිතුවම නිර්මාණය කළ මිනිසා සම්පූර්ණයෙන්ම නවීන කෙනකු බවත්, ඔහු අද දවසේ ජීවත්වන අප මෙන් වූ කෙනකු බවත්, ඔහුට සියලුම හැකියාවන් පැවැති බවත්, මෙවැනි චිත්‍රයක් නිර්මාණය කිරීමට නම් ඔහු සතුව හොඳ උපකරණ පැවැතිය යුතු බවත්, මේ ගැන සයන්ස් ඇඩ්වාන්සස් සඟරාවට අදහස් ප්‍රකාශ කරන සම කර්තෘ මැක්සිම් ඕබර්ට් කියයි.

කාලය ගණනය කිරීමේ විශේෂඥයකු වන ඕබිට් මේ ගැන කළ පරීක්ෂණවලින් එය වසර 45,500ක් පැරැණි යැයි අනාවරණය කරගෙන ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here