27.6 C
Colombo
Thursday, August 21, 2025

රුසියාව සහ ඇමරිකාව සබඳතා පැවැත්වීම කෙරෙහි චීනයේ ප්‍රසාදය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

රුසියාව සහ ඇමරිකාව සබඳතා පැවැත්වීම චීනය සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.

අද (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, රුසියානු ජනාධිපති Vladimir Putin සහ ඇමරිකානු ජනාධිපති Donald Trump අතර හමුව පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.

යුක්රේන අර්බුදය සාමකාමීව විසඳීමට හිතකර සියලු උත්සාහයන්ට චීනය සහාය දෙන බවද ඇය සඳහන් කළාය. එමෙන්ම, රුසියාව සහ ඇමරිකාව ඔවුන්ගේ සබඳතා වැඩිදියුණු කර යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම චීනය සාදරයෙන් පිළිගන්නා බව ඇය පැවසුවාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here