රුසියාව හා ඇමරිකාව අතර ක්ෂේත්‍ර රැසක් සඳහා සහයෝගිතා පැවැත්විය හැකි වෙතැයි රුසියානු ජනාධිපතිවරයා පවසයි.
යුක්රේන අර්බුදය ඇතුළු තීව්‍ර ගැටළු නිරාකරණය කිරීමේදී රුසියාව හා ඇමරිකාව අන්‍යෝන්‍ය විශ්වාස තහවුරු කිරීමට අත්‍යවශ්‍ය පියවරක් ගත යුතුයි. දෙරට නියෝජිතයින් පසුගිය 18 වැනිදා සෞදි අරාබියේ Riyadh හිදී පැවැත්වූ සාකච්ඡා ඒ සඳහා වන ප්‍රයත්නයක් වන අතර, අනාගතයේ දී දෙරට පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ සෙසු සාකච්ඡා මගින් ද ඒ වෙනුවෙන් වෑයම් කෙරේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඊයේ(24) Moscow හිදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙම අදහස් පළ කළ බව Kremlin මන්දිරයේ වෙබ් අඩවිය වාර්තා කළේය.
ඇලුමිනියම්, දුර්ලභ ලෝහ හා බලශක්තිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා දෙරටේ සහයෝගිතා පැවැත්වීමේ ඉඩකඩ ඇතැයි ද රුසියානු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.