2025 ෂංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා ඊයේ(31) චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක් විය. මෙවර ෂංහයි සහයෝගිතා සංවිධානයේ Tianjin සමුළුව “ෂංහයි ජීවගුණය” ඔප්නංවමින් යුරෝපය හා ආසියාව අතර අන්‍යෝන්‍ය සබඳතා සහ සන්නිවේදනයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවනු ඇතැයි Muhammad Shahbaz Sharif මහතා එහිදී අපේක්ෂා පළ කළේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර සමුළුව සාර්ථකව පැවැත්වීමට හැකිවෙතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. එමෙන්ම මෙවර සමුළුව සාර්ථක පැවැත්වීමට පාකිස්ථානය හැකි උපරිමයෙන් සහාය ලබා දෙන බවද හෙතෙම අවධාරණය කළේය.