26.3 C
Colombo
Thursday, August 21, 2025

යුක්රේන ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට රුසියාව සූදානමින්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුක්රේන ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටී. නමුත් ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත් වූ Donald Trump මහතාගේ කණ්ඩායමෙන් තවමත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Maria Zakharova මහත්මිය ඊයේ(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී කියා සිටියා ය.

ගැටුම විසඳීමේ නිවැරදි මාර්ගය රුසියානු ජනාධිපති Vladimir Putin මහතා මීට පෙර යෝජනා කළ සැලැස්ම මත පදනම් විය යුතු බව Zakharova මහත්මිය එහිදී පවසා ඇත. යුක්රේන හමුදාව Donetsk, Luhansk, Zaporozhye සහ Kherson ප්‍රදේශවලින් ඉවත් වී නේටෝවට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු, රුසියාව වහාම සටන් විරාමයක් ප්‍රකාශ කර සාකච්ඡා ආරම්භ කරන බව Vladimir Putin මහතා පසුගිය ජුනි මාසයේදී පැවසීය. ඇමරිකාව සිය අපේක්ෂාව සැබවින්ම ගැටුම අවසන් කිරීම නම්එම ප්‍රදේශ හතරෙන් හමුදා කණ්ඩායම් ඉවත් කර ගන්නා ලෙස යුක්රේනයෙන් ඉල්ලා සිටිය යුතු බව Maria Zakharova මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here