26.2 C
Colombo
Wednesday, August 27, 2025

යුක්‍රේනය සම්බන්ධ ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුක්‍රේනය සම්බන්ධ ඇමරිකාවේ ප්‍රතිපත්තිය වෙනස් කෙරෙනු ඇති බව ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ අනුව ඇමරිකාව යුක්‍රේනයට සෘජු මූල්‍යාධාර සැපයීම නතර කරනු ඇත. යුක්‍රේනයට අවි ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම යුරෝපයේ නේටෝ හවුල්කරුවන් හරහා ලබා ගත යුතු බව ට්‍රම්ප් සඳහන් කළේ ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Steve Witkoff පැවසුවේ තමන් මෙම සතියේදී යුක්‍රේන නියෝජිතයන් නිව්යෝර්ක් නුවරදී හමුවනු ඇති බවයි. අර්බුදය විසඳීමේ අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් යටතේ ඇමරිකානු හා රුසියානු නිලධාරීන් නිරන්තර සම්බන්ධවීම පවත්වන බවද හෙතෙම පැවසීය.

මෙම වසර අවසන්වන විට සාම ගිවිසුමකට අදාළ කරුණු සොයා ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා සඳහන් කළේය. රුසියානු සාම යෝජනාව යුක්‍රේනය සැලකිල්ලට ලක් කරමින් සිටින බවද ඔහු කීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here