රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් අතර පැවති සාකච්ඡාවේදී යුක්රේනය නේටෝ සංවිධානයට සම්බන්ධ වීම පිළිබඳව සාකච්ඡා කළ බව රුසියානු ජනාධිපති සහායක යූරි උෂාකොව් පවසයි.
රුසියාව සහ ඇමරිකාව එකඟතාවයකට පැමිණ ඇති නමුත් ඔහු සවිස්තර තොරතුරු හෙළකර නොමැත.
මෑතකදී යුක්රේන පෙරමුණුවල රුසියානු හමුදාව ලබා ඇති සාර්ථකත්වය බටහිරට අදාළ තත්ත්වය පිළිබඳ වඩාත් සුදුසු තක්සේරුවක් සිදු කිරීමට අවස්ථාව සැලසීමක් ලෙසට ද රුසියානු ජනාධිපති සහායකයා විසින් හඳුන්වා දෙනු ලැබිණ. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ඇමරිකාව සමග සාකච්ඡාවල පමණක් නිරත වී ඇති බව ද හෙතෙම කීය
රුසියාවට යුරෝපය සමඟ සම්බන්ධ වීම පිළිබඳව නිෂේදනාත්මක ස්ථාවරයක් නොපවතින නමුත් යුරෝපය රුසියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

