28.2 C
Colombo
Tuesday, August 26, 2025

මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ භාණ්ඩ වෙළඳාම් ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.3 ක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

වසරේ මුල් කාර්තුවේදී ආනයන හා අපනයන තත්ත්වය පිළිබඳ තොරතුරු චීන රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය කාර්යාලය අද(14) නිවේදනය කළේ ය. රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ භාණ්ඩ වෙළඳාම් ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.3 ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට 1.3% වැඩි වී ඇත. ඒ අතරින් අපනයනය යුවාන් ට්‍රිලියන 6.13ක් වූ අතර, එය 6.9% වර්ධනයකි. ආනයනය යුවාන් ට්‍රිලියන 4.17ක් වූ අතර, එය 6%කින්  පහළ ගොස් ඇත. ආනයන හා අපනයන වර්ධන වේගය මාසයෙන් මාසයට ඉහළ ගොස් ඇත.

පළමු කාර්තුවේදී, රටවල් සහ කලාප 170 කට අධික සංඛ්‍යාවකට සිදුකළ චීනයේ අපනයන ඉහළ ගොස් තිබේ. නාවික හා අක්වෙරළ ඉංජිනේරු උපකරණ, විශේෂ උපකරණ අපනයනය පිළිවෙලින් 10.8% සහ 16.2% කින් ඉහළ ගොස් තිබේ. නව බලශක්ති නිෂ්පාදන ගෝලීය හරිත පරිවර්තනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. සුළං ටර්බයින සමූහ, ලිතියම් බැටරි සහ විදුලි වාහන යන නිෂ්පාදන අපනයනය පිළිවෙලින් 43.2%, 18.8% සහ 8.2% කින් ඉහළ ගොස් තිබේ.

පළමු කාර්තුවේදී චීනය යුරෝපා සංගමයට යුවාන් ට්‍රිලියන 1.3 ක් ආනයන හා අපනයන  සිදු කර ඇති අතර, එය 1.4% වැඩි වීමකි. ආසියාන් සංවිධානය තවමත් චීනයේ විශාලතම වෙළඳ හවුල්කරුවා ය. ආසියාන් වෙත සිදු කර ඇති චීනයේ ආනයන හා අපනයන යුවාන් ට්‍රිලියන 1.71ක් වූ අතර, එය 7.1% වැඩි වීමකි. මෙය චීනයේ සමස්ත විදේශ වෙළඳාමෙන් 16.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here