26.7 C
Colombo
Wednesday, February 25, 2026

මෙම වසරේ මුල් මාස 10 තුළ චීනයේ විදේශීය සෘජු ආයෝජන ගලා යාම පෙර වසරට සාපේක්ෂව 7% කින් ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ මුල් මාස 10 තුළ චීනයේ විදේශීය සෘජු ආයෝජන  ගලා  යාමේ ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියනයක් ඉක්මවා ගොස් ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 7% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ(25) ප්‍රකාශ කළේ ය.

ඒ අතරින්, චීන ආයෝජකයින් ලොව පුරා රටවල් සහ කලාප 152 ක විදේශීය ව්‍යවසායන් 9,553කට මූල්‍ය නොවන සෘජු ආයෝජන සිදු කර ඇත. එහි වටිනාකම චීන යුවාන් බිලියන 873ක් පමණ වන අතර එය 6% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

එමෙන් ම, මෙම වසරේ මුල් මාස 10 තුළ, චීන ව්‍යවසායන් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ පොදු සංවර්ධනයට සහභාගී වන රටවලට මූල්‍ය නොවන සෘජු ආයෝජන ලෙස චීන යුවාන් බිලියන 234ක් සිදු කර ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 22.3% ක වර්ධනයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here