මෙම වසරේ ගිම්හාන සමයේ චීන බොක්ස් ඔෆීස් ආදායම යුවාන් බිලියන 10 ඉක්මවයි. දේශීය චිත්‍රපට ආදායම ඉන් පෙරමුණ ගෙන ඇත. අද (18) නිකුත් කෙරුණු සිනමා ප්‍රවේශපත්‍ර වේදිකා දත්තයන් මගින් ඒ බව හෙළි වෙයි.
දෙවන ලෝක යුධ සමයේ නැන්ජිං සංහාරය ඇසුරෙන් නිශ්පාදිත “Dead To Rights” චිත්‍රපටය ඉහළ ම ආදායම් වාර්තා තබා ඇත. ජූලි 25 වෙනිදා එය නිකුත් කෙරුණු දිනයේ සිට මේ දක්වා එම චිත්‍රපටයේ ප්‍රවේශපත් අලෙවි වටිනාකම යුවාන් බිලියන 2.6කි. බොක්ස් ඔෆීස් වාර්තාවන්ට අනුව දෙවන ස්ථානයද චීන කාටුන් චිත්‍රපටයක් වන”Nobody” චිත්‍රපටය විසින් හිමිකර ගෙන ඇති අතර එය නිකුත් කෙරුණු දින සිට මේ දක්වා උපයා ගෙන ඇති ආදායම යුවාන් බිලියනය ඉක්මවයි. චීනයේ නිකුත් කෙරුණු ද්විමාන කාටුන් චිත්‍රපට අතරින් ඉහළම ආදායම් වාර්තාවක් තැබීමට එම චිත්‍රපටය සමත්ව ඇත. “The Lychee Road” නමැති චිත්‍රපටය තුන්වෙනි ස්ථානයට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව ඇති අතර එය යුවාන් මිලියන 670කට අධිකය.
චීනයේ ගිම්හාන සිනමා උණුසුම් කාලය ජූලි පළමුදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා යෙදේ.