27.4 C
Colombo
Monday, October 6, 2025

මෙක්සිකෝවේ බදු සැකසීමේ තීරණය පිළිබඳ චීනයේ අවධානය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙක්සිකෝව කවර හෝ බදු සැකසීමකට පෙර ප්‍රවේශම් සහගත හා දෙවරක් සිතා බලා ක්‍රියා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීනය ඇතුළු මෙක්සිකෝව සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට අත්සන් තබා නොමැති රටවලින් ආනයනය කෙරෙන අයිතම 1400ක පමණ ආනයන බදු ඉහළ නැංවීමට මෙක්සිකෝව සැලසුම් කරමින් සිටින බවට පළව ඇති වාර්තා පිළිබඳව අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශකයා ඊයේ(11) මේ බව පැවසීය.

චීනය මෙක්සිකෝවේ බදු ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර අවසන් පියවරයන් සැලකිලිමත් අයුරෙන් තක්සේරු කරනු ඇති බවද හෙතෙම කීය. චීනය හා මෙක්සිකෝව වැදගත් ආර්ථික හා වෙළඳ හවුල්කරුවන් වන අතර එම සහයෝගතාවන්ට බලපෑමක් එල්ලවනු දැකීමට චීනය අපේක්ෂා නොකරන බවද ‍චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here