ගෙවී ගිය වසර 24 තුළ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරම්භක ‘ජීවගුණය’ පවත්වා ගෙන ගොස් ඇති සාමාජික රටවල්, සංවිධානයේ සංවර්ධන හා සහයෝගිතාවල පූර්ණ ප්‍රතිඵල සහ ඓතිහාසික ජයග්‍රහණ මාලාවක් අත්කර ගෙන ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
මේ වන විට, ෂැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානය බවට පත්ව තිබේ. රටවල් 26ක් ඊට සම්බන්ධ වී සිටින අතර, 50කට වැඩි ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වා තිබේ. සමස්ත ආර්ථීක නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30 කට ආසන්නය. එහි ජාත්‍යන්තර බලපෑම සහ ආකර්ෂණය ද අඛණ්ඩව ශක්තිමත් වෙමින් පවතින බව ද ෂී ජින්පිං මහතා කියා සිටියේය.
‘ෂැංහයි ජීවගුණය’අනුගමනය කිරීමෙන් සාර්ථකත්වය අත්කර ගෙන ඇත. කැළඹිලි සහිත සහ වෙනස් වන ලෝකය හමුවේ, සියළු සාමාජික රටවල් එම ජීවගුණය අඛණ්ඩව පිළිපැදිය යුතු අතර, සංවිධානත්මක කාර්යයන් මනාව ප්‍රයෝජනයට ගත යුතු බව ද ෂී ජින් පිං මහතා සිය දේශනයේදී අවධාරණය කළේය.
වෙනස්කම් වෙන්කර ගනිමින් පොදු පදනමක් සෙවිය යුතු අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ, විවෘතභාවය සහ සහභාගිත්වය, සාධාරණත්වය සහ යුක්තිය, ප්‍රායෝගිකත්වය සහ කාර්යක්ෂමතාව යන කරුණු වෙත අනුගත විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
සාමාජික රටවල ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාවන්ට ප්‍රබල සහයෝගයක් ලබා දීම සඳහා, ආරක්ෂක තර්ජන හා අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ මධ්‍යස්ථානය සහ මත් ද්‍රව්‍ය පාලන මධ්‍යස්ථානය හැකි ඉක්මනින් භාවිතයට ගත යුතු අතර, ෂැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව හැකි ඉක්මනින් ස්ථාපිත කළ යුතු බවට ද හෙතෙම යෝජනා කළේය.
ෂැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් ක්‍රියාකාරීව, වගකීම් සහගතව වඩාත් ප්‍රායෝගික පියවර තුළින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ දීප්තිමත් අනාගතය කරා පොදුවේ ගමන් කිරීමට අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතා පැවසීය.