මැලේසියාව සහ ඇමරිකාව අතර ඇති කර ගත් අන්‍යෝන්‍ය වෙළඳ ගිවිසුමේ යම් යම් එකඟතාවන් සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයක් යොමු කරයි. චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශයෙක් ඊයේ(27) මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වෙනත් රටවල් සමග පවතින වෙනස්කම් විසඳා ගැනීමට මැලේසියාව ඇති කර ගත් වෙළඳ ගිවිසුම් චීනය පිළිගන්නා බවයි. නමුත් එවැනි ගිවිසුම් ගෝලීය වෙළඳ සංවර්ධනයට හෝ කලාපීය සහයෝගීතාවයට බාධාවක් නොවන ලෙසටත්, චීනයේ අවශ්‍යතාවයන්ට හානියක් නොවන ලෙසටත් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
පසුගිය 25 වනදා බෙයිජිං හිදී චීන වාණිජ අමාත්‍යංශය සහ මැලේසියාවේ ආයෝජන, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවති ද්‍විපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
මැලේසියාව සිය දිගුකාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තත්ත්වය හමුවේ නිසි ලෙස කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. ඊට ප්‍රතිචාර වශයෙන්, චීනය අවධානයට යොමු කළ කරුණු පිළිබඳව මැලේසියාව ද කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත. චීනය සමග පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අගය කරන අතර, ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය බව ද මැලේසියාව ප්‍රකාශ කර තිබේ.

