27 C
Colombo
Monday, August 25, 2025

මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉකුත් මැයි දින නිවාඩු සමයේ චීනයේ දෙස් විදෙස් සංචාරය වර්ධනය වෙයි. ඉකුත් මැයි පළමු දින සිට මැයි 5වැනි දින දක්වා කාලයේ චීනය තුළ සංචාරය කළ පුද්ගල වාර සංඛ්‍යාව කෝටි 31.4ක් බවත්, එය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 6.4%කින් වැඩි වී ඇති බවත්, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනයන්හි දැක්වේ. එසේ ම එම කාලයේ චීනය තුළ සංචාරය කළ පුද්ගලයන් සිදු කළ පරිභෝජන වියදම් ද වර්ධනය වී තිබේ. එය 2024 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 8%ක වර්ධනයකි. ඉකුත් මැයි දින නිවාඩු සමයේ චීනයෙන් පිට වූ හා චීනයට පැමිණි පුද්ගල වාර සංඛ්‍යාව මිලියන10.896 ක් බවත්, එය 2024 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 28.7%කින් වැඩි වී ඇති බවත්, චීන රාජ්‍ය ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ අතර, ඉකුත් අප්‍රේල් 29වැනි දින සිට මැයි 4වැනි දින දක්වා කාලය තුළ දුම්රියෙන් ගමන් ගත් මගී වාර සංඛ්‍යාව කෝටි 11.2ක් බව චීන ජාතික දුම්රිය සමූහ සමාගම පවසයි. එම සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 10.5%ක වර්ධනයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here