ඇරයුමකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Yvette Cooper මහත්මිය සමඟ ඊයේ(19) දුරකථන සාකච්ඡාවක නිරත විය.
එම දෙපළ එහිදී වත්මන් මැද පෙරදිග තත්වය පිළිබඳ අදහස් හා යෝජනා හුවමාරු කර ගෙන තිබේ.
කැලඹිලි සහිත ලෝකය හමුවේ යුද්ධ නතර කිරීම ප්‍රවර්ධනය කොට අදාළ දීර්ඝ කාලීන විසඳුමක් සොයා ගැනීම සඳහා චීනය සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගැනීමට බ්‍රිතාන්‍යය කැමැත්තෙන් සිටින බව Yvette Cooper මහත්මිය එම දුරකථන සංවාදයේදී කියා සිටියාය.
Wang Yi මහතා එහිදී පෙන්වා දුන්නේ මැද පෙරදිග ගැටළු කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙත බලපාන අතර විවිධ රටවල පොදු අවශ්‍යතාවලට එය හානි කිරීමක් බවයි.
වහාම හමුදා මෙහෙයුම් නතර කර සමාන සංවාදයක් තුළින් වෙනස්කම් විසඳා ගන්නා ලෙස චීනය අදාළ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් වශයෙන් චීනය සහ බ්‍රිතාන්‍යය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණ හා මූලධර්මය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ආරක්ෂා කරමින් ලෝක සාමය සහතික කිරීමට එක්ව ක්‍රියා කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

