හෝමූස් සමුද්‍ර සන්ධි කලාපයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සහ සුමට ගමනාගමනය සහතික කිරීම ජගත් ප්‍රජාවේ පොදු අයිතිවාසිකම්වලට අනුකූල වන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
හෝමූස් සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර භාණ්ඩ හා බලශක්ති වෙළඳාම සඳහා වන වැදගත් ප්‍රවාහන මාර්ගයකි. එහි නාවික ගමනාගමනයට බාධා ඇතිවීමට මූලික හේතුව ඇමරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධයයි. මෙම ගැටළුව විසඳීමට ඇති මාර්ගය වන්නේ හැකි ඉක්මනින් ස්ථිර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම බවද හෙතෙම කීය. ඒ සඳහා අඛණ්ඩව ප්‍රායෝගික කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Guo Jiakun මහතා කියා සිටියේය.

