30 C
Colombo
Saturday, April 11, 2026

මැදපෙරදිග ගැටලු පිළිබඳ විශේෂ චීන නියෝජිතයා සහ බහරේන් විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

බහරේන් නුවර මනාමාහි නිල සංචාරයක නිරත මැදපෙරදිග ගැටලු පිළිබඳ විශේෂ චීන නියෝජිත Zhai Jun මහතා එරට විදේශ අමාත්‍ය Abdul Zayani මහතා ඊයේ(12) හමුවිය.

ජගත් ප්‍රජාවේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා ගල්ෆ් කලාපීය අරාබි රටවලට එරෙහි ප්‍රහාර වහාම නතර කළ යුතු බවත් ජාත්‍යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව හා ප්‍රවාහනය ඉරානය සහතික කළ යුතු බවත් Abdul Zayani මහතා එහිදී ප්‍රකාශ කළේය. චීනයේ යුක්ති සහගත ස්ථාවරය අගය කරන අතරම චීන විශේෂ නියෝජිතයා මැදපෙරදිග ප්‍රදේශයට පැමිණ සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම බහරේන රජය පිළිගන්නා බවද ඔහු පැවසීය. චීනය සමග එක්ව සටන් විරාමයක් කඩිනමින් ක්‍රියාත්මක කර තම රට කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව යථා තත්ත්වය පත්කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේය.

යුද ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ රතු රේඛාව බිඳ දැමීමට ඉඩ දිය නොහැකි බව චීන විශේෂ නියෝජිත Zhai Jun මහතා එහිදී අවධාරණය කළේය. එමෙන්ම බලශක්ති සම්පත්, ආර්ථිකය, ජනජීවිතය යන යුද නොවන ඉලක්කයන්ට ප්‍රහාර එල්ල නොවිය යුතු බවත් නාවික මාර්ගවල ආරක්ෂාවට බාධා නොකළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය. වෙනස්කම් බැහැර කරමින් යුද බලය යොදා ගැනීම පිළිගත නොහැකිය. වහාම යුද මෙහෙයුම් නතර කර යුද ව්‍යාප්තිය වැළැක්වීම වර්තමානයේ අත්‍යවශ්‍ය කටයුත්තක් බවද හෙතෙම පැවසීය. බහරේන් රජය සමග එක්ව සමීප සංවාදය හා සම්බන්ධීකරණ අඛණ්ඩව පවත්වා චීනය කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවද චීනයේ මැදපෙරදිග ගැටලු පිළිබඳ විශේෂ නියෝජිතයා  ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here