26.1 C
Colombo
Thursday, February 26, 2026

මාර්තු 21 වන දිනය ජාත්‍යන්තර තායි චී දිනය ලෙස නම් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සෑම වසරකම මාර්තු මස 21 වන දිනය “ජාත්‍යන්තර තායි චී දිනය” ලෙස නම් කරනු ලබන බව යුනෙස්කෝ සංවිධානය විසින් සම්මත කර ඇත. ඒ උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි පැවති යුනෙස්කෝ මහා සම්මේලනයේ 43 වන සැසිවාරයේදී ය.

මෙම දිනය ස්ථාපිත කිරීම, යුනෙස්කෝව විසින් ගන්නා ලද මනා තීරණයක් බව එම සම්මේලනයේ සාමාජිකයෝ සඳහන් කරති. මානව සෞඛ්‍යය මෙන්ම යහපැවැත්ම වැඩිදියුණු කරමින් සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කර ලෝක සාමය හා සංවර්ධනය තහවුරු කර ගැනීමට තායි චී ක්‍රීඩාව මුල් වීම ඊට හේතුවී තිබේ.

චීනයෙන් පැවත එන තායි චී ක්‍රීඩාව, අද වනවිට ලොව පුරා රටවල් සහ කලාප 180 කට අධික සංඛ්‍යාවක මිලියන සිය ගණනක් පුහුණකරුවෝ ප්‍රගුණ කරමින් සිටිති.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here