එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා, ඊයේ(20) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයේ දී, මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා වන සංවාද හා සහයෝගීතා කණ්ඩායම වෙනුවෙන් ඒකාබද්ධ දේශනයක් පළ කළේ ය.
ගෝලීය මානව හිමිකම් කාර්යයන් නිසි සංවර්ධනය තහවුරු කිරීම සඳහා, ඔහු එහිදී යෝජනා 3ක් ඉදිරිපත් කළේ ය. ඒ, සාධාරණත්වය හා යුක්තිය පවත්වා ගෙන යන අතර, සියලු රටවල ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව කෙරෙහි ගරු කිරීමයි. විවෘතභාවය සහ සහභාගීත්වය පවත්වා ගෙන යන අතර, සියලුම රටවල් මානව හිමිකම් සංවර්ධන මාවතට ගරු කිරීම ද ඒ අතර වෙයි. එසේම සහයෝගීතා හා අන්‍යෝන්‍ය යහපත පවත්වා ගෙන යන අතර, සංවර්ධන අයිතිය ඇතුළු සියලු ආකාරවල මානව හිමිකම් කෙරෙහි සමාන අවධානයක් යොමු කරන බව, Chen Xu මහතා එහිදී පැවසීය.
රුසියාව, කියුබාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් 20 කට වැඩි ප්‍රමාණයක් එක්ව සිටි මෙම ඒකාබද්ධ දේශනයට පුළුල් සහයෝගයක් ලැබිණ.