26.4 C
Colombo
Thursday, August 21, 2025

මයිකල් ජැක්සන්ගේ නෙවර්ලන්ඩ් වතුයාය විකුණයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සුපිරි පොප්ගායක මයිකල් ජැක්සන්ගේ නෙවර්ලන්ඩ් වතුයාය ඔහුගේ මරණයෙන් වසර 10 කට වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසු අමෙරිකා ඩොලර් මිලියන 22 විකුණා ඇත.

කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ ජැක්සන්ගේ පවුලේ මිතුරෙකු වන රොන් බර්කල් අක්කර 2,700 ක වතුයායක් ඒ අනුව මිලදී ගෙන ඇතැයි සදහන්වේ.

කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි මෙම වතුයායේ 2016 වසරේ විකුණුම් වටිනාකම ලෙස ඩොලර් මිලියන 73.6ක් වූ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරයි.

වර්ග අඩි 12,500 ක ප්‍රධාන වාසස්ථාන ගොඩනැගිල්ල මෙන්ම වර්ග අඩි 3,700 ක තටාක නිවසක් සහ ආසන 50 කින් යුත් සිනමා හා නැටුම් චිත්‍රාගාරයක් සහිත වෙනම ගොඩනැගිල්ලකින් මෙය සමන්විත වේ.

ජැක්සන් මෙහි දුම්රිය හා තේමා උද්‍යාන සවාරියක් මෙන්ම සත්වෝද්‍යානයක් ද ස්ථාපනය කර තිබුනි.

ඔහු මෙම වතුයායට ‘නෙවර්ලන්ඩ්’ යන නම තැබුවේ “පීටර් පෑන් ගේ නිවස – කවදාවත් හැදී වැඩී නැති පිරිමි ළමයා” – ප්‍රසිද්ධ ළමා කතාව ඇසුරෙන් බව සදහන්වේ.

කෙසේ නමුත් මෙම වතුයායේ සිටි පිරිමි ළමයෙකුට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු කිසි දිනෙක වතුයායට නොයන බවට ජැක්සන් පොරොන්දු විය.

එසේම පසු කලෙක දී මයිකල් ජැක්සන් සිය මූල්‍යමය ගැටළු පදනම් කර ගනිමින් දේපල සඳහා ණයක් ලබා ගැනීම සඳහා ඔහු මෙම වතුයාය මූල්‍ය සමාගමක් වෙත ද භාර දී තිබුනි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here