ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාව යන බෝල්ටික් කලාපීය රාජ්‍යයන් ඊයේ (9) යුරෝපා විදුලිබල පද්ධතිය සමඟ සාර්ථකව සම්බන්ධ විය.
ඒ සඳහා ලිතුවේනියාවේ විල්නියුස් අගනුවර පැවති සැමරුම් උත්සවයට ලිතුවේනියානු ජනාධිපති Gitanas Nausėda, ලැට්වියානු ජනාධිපති Edgars Rinkēvičs හා එස්තෝනියානු ජනාධිපති Alar Karis, සහ යුරෝපීය කොමිසමේ සභාපතිනි Ursula von der Leyen යන මහත්ම මහත්මින් මෙන්ම පෝලන්ත ජනාධිපතිවරයා ද එක් විය.
බෝල්ටික් කලාපීය රාජ්‍යයන් පසුගිය 8 වැනිදා රුසියාව හා බෙලරුසියාව සමග පැවති පොදු විදුලි පද්ධතියෙන් විසන්ධි වීමෙන් පසුව ලිතුවේනියානු-පෝලන්ත බලශක්ති අන්තර් සම්බන්ධතා පද්ධතිය හරහා යුරෝපයට සම්බන්ධ වී තිබේ.
ලිතුවේනියාව, ලැට්වියාව හා එස්තෝනියාව යුරෝපා විදුලි ජාල පද්ධතිය හා එක් වීමේ ව්‍යපෘතිය 2009 වසරේ සිට ආරම්භ කර ඇත. අදාළ සැලසුම 2026 වසර ආරම්භයේදී සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වූවද 2022 වසරේ දී යුක්රේනයේ යුදමය තත්ත්වය උග්‍ර වීමෙන් පසු එම ක්‍රියාදාමය කඩිනම් කෙරිණ. මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ රුසියානු ස්ථාවර නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළේ මෙය දේශපාලන අරමුණක් මත ක්‍රියාත්මක කරන්නක් වන බවත් ඉන් ප්‍රාදේශීය විදුලි මිල ඉහළ නැංවීමක් සිදු කර යුරෝපා ආර්ථිකයේ තරඟකාරීත්වය තවදුරටත් පහත හෙළනු ඇති බවත් ය.