බෝආඕ ආසියානු සංසදයේ 2026 වාර්ෂික සැසිය අද(27) නිමාවට පත් විය. දින හතරක් පුරා පැවති 50කට වැඩි සාකච්ඡා හා ක්රියාකාරකම්වලදී, සැසියට එක්වූ නියෝජිතවරු ආසියාවේ හා ලෝකයේ වත්මන් වැදගත් අභියෝග හා ගැටලු පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගත්හ.
චීනයේ 15වන පස් අවුරුදු සැලැස්මේ පළමු වසර හේතුවෙන් චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය, චීනයේ ආයෝජනය කිරීම, හයිනාන්හි නිදහස් වෙළඳ වරාය, මෙවර බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සැසියේදී වැඩි අවධානයට ලක්වූ කරුණු විය. සිය ස්ථාවර හා පුරෝකථනය කළ හැකි සංවර්ධනය මගින් චීනය ලෝකයට නිශ්චිතතාව හා ධනාත්මක බලය ගෙන දී තිබෙන බවට සැසියට එක්වූ නියෝජිතවරුන්ගේ ප්රශංසාවට ලක්විය.
චීනය ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර, වඩාත් සහයෝගිතා, වඩාත් සුරක්ෂිත, වඩාත් තිරසර ලෝකයක් ගොඩනැගීමට පූර්ණ රාමුවක් සලසා දී තිබෙන බව ඔවුන් පවසා ඇත.

