27.4 C
Colombo
Monday, October 6, 2025

බ්‍රික්ස් රටවල නායකයින්ගේ මාර්ගගත සමුළුවේදී චීන ජනපතිගේ දේශනයට බොහෝ රටවලින් ඇගයුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

බ්‍රික්ස් රටවල නායකයින්ගේ මාර්ගගත සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිදු කළ දේශනය පිළිබඳව බොහෝ රටවල විශේෂඥයෝ ධනාත්මක අදහස් දක්වති. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ දේශනය, ගෝලීය දකුණේ රටවලට එක්සත් වී සහයෝගයෙන් කටයුතු කිරීමට මෙන්ම, බහුපාර්ශ්විකත්වය සහ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට ශක්තිමත් පෙළඹවීමක් සපයන බව ඔවුහු සඳහන් කළහ.රුසියානු බුද්ධි මණ්ඩලයක් වන Valdai ජාත්‍යන්තර විවාද සමාජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ Timofey Bordachev මහතා පෙන්වා දුන්නේ, ෂී ජින් පිං මහතාගේ දේශනය සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉතා වැදගත් වන බවයි. මෙම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයේදී, ගෝලීය පාලන මුලපිරුම ක්‍රියාත්මක කිරීම දැඩිව අවශ්‍ය වේ. මෙම මුලපිරුම ලෝකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව ඔහු පැවසීය.ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුම අප්‍රිකාවට ඉතා වැදගත් වන බවත් ගෝලීය පාලනය වැඩිදියුණු කරමින් අන්‍යෝන්‍ය යහපත ප්‍රවර්ධනය කිරීමෙන් පමණක්, සැබෑ තිරසර සංවර්ධනයක් අත්කර ගත හැකි බවත් දකුණු අප්‍රිකාවේ BRICS ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජිතයෙක් පෙන්වා දුන්නේය.ඉන්දියානු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ විශාරදයෙක් පෙන්වා දුන්නේ, පොදු ජයග්‍රාහී හා සහයෝගිතා ආර්ථික ගෝලීයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ යෝජනාව ඉතා වැදගත් වන බවයි. හෙතෙම ඉදිරිපත් කළ ප්‍රධාන ගෝලීය මුලපිරුම් හතර, ගෝලීය පාලනය වඩාත් සාධාරණ දිශානතියකට ගෙන යාම ප්‍රවර්ධනය කරන අතර ගෝලීය දකුණේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමටත් උපකාරී වන බව ඔහු සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here