කණ්ඩායම් ගැටුම්වලට විරුද්ධ බ්‍රික්ස් රටවල් තෙවන පාර්ශවයන් ඉලක්ක කර නොගන්නා බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
බ්‍රික්ස් රටවල් ඇමරිකානු ඩොලරය වෙනුවට මුදල් ඒකකයක් නිර්මාණය කිරීමේ සැලසුම අත් නොහැරියහොත් ඇමරිකාව ඔවුන් වෙත 100% තීරුබදු පනවන බව Donald Trump මහතා ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව Lin Jian මහතා පැවසුවේ, නව නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සහයෝගිතා වේදිකාවක් වන බ්‍රික්ස් රටවල අරමුණ වන්නේ පොදු සංවර්ධනය හා විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම බවයි.
ලෝක ආර්ථික අඛණ්ඩ හා ස්ථාවර වර්ධනයට වැඩි කාර්යභාර ඉටු කිරීම සඳහා බ්‍රික්ස් රටවල් සමඟ එක්ව විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීමට චීනය සූදානමින් සිටින බව ද Lin Jian මහතා එහිදී කියාසිටියේය