26.7 C
Colombo
Sunday, August 24, 2025

බයිඩන් පාලනය කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ අපනයන පාලන සීමාවන් පැනවීම කෙරෙහි චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

බයිඩන් පාලනය කෘත්‍රිම බුද්ධියට සම්බන්ධ අපනයන පාලන සීමාවන් පැනවීම කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි. ඇමරිකාව විසින් AI චිප, ආදර්ශ පරාමිතීන් සම්බන්ධ අපනයන පාලන දැඩි කරන අතරම දිගු දුර නීති විධානයට ද පියවර ගෙන තිබේ. මෙමගින් තුන්වන පාර්ශ්වයන්ට චීනය සමග සාමාන්‍ය වෙළඳ කටයුතු සිදු කිරීමට බාධා ගෙන එන බව චීන වාණිජ අමාත්‍යංශය කියා සිටී. මීට පෙර ඇමරිකාවේ අධි තාක්ෂණ සමාගම් සහ කර්මාන්ත සංවිධාන විවිධ මාර්ග ඔස්සේ මෙම සීමාවන් පිළිබඳව සිය අතෘප්තිය පළකර තිබේ. නිසි සාකච්ඡාවකින් තොරවීම සහ කෘත්‍රිම බුද්ධි අංශය වෙනුවෙන් අධික රෙගුලාසි පැනවීම ඔවුන්ගේ කණස්සල්ලට හේතුවී ඇත. මෙම පියවරයන් තුළින් බරපතල ප්‍රතිවිපාකයන් ද ගෙන එනු ඇත. අදාළ සීමා කිරීම් නතර කරන ලෙසට ඔවුන් බයිඩන් පරිපාලනයෙන් දැඩිව ඉල්ලා ඇතැයි චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී. මෙම ක්‍රියාවෙන් රටවල් අතර සාමාන්‍ය වෙළඳ කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ලවන අතර එය වෙළඳපොල රෙගුලාසි හා ජාත්‍යන්තර ආර්ථික පටිපාටි‍යද පීඩාවට පත් කිරීමකි. ගෝලීය තාක්ෂණික නව නිපැයුම් කෙරෙහිද එය අහිතකර ලෙස බලපානු ඇත. එමගින් ඇමරිකාව ඇතුළු ලොව පුරා ව්‍යාපාරයන්ගේ ප්‍රතිලාභයන්‍ට හානි ගෙන දෙන බව ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කරයි. මෙවැනි තත්ත්වයක් හමුවේ චීනය සිය නීත්‍යනුකූල හිමිකම් හා ප්‍රතිලාභයන් දැඩිව සුරැකීමට අවශ්‍ය පියවර ගනු ඇති බවද හෙතෙම අවධාරණය කරයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here