27.6 C
Colombo
Thursday, August 21, 2025

බංග්ලාදේශ පිල අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ මැද භාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ අප්‍රේල් මාසයේදී සිදු කිරිමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතී. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිසාමුඩීන් චවුඩ්රි පසුගියදා එරට මාධ්‍ය හමුවේ කියා සිටියේ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් කෙටි සංචාරයක් සඳහා සිය කණ්ඩායම සහභාගි කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවය.

අදාළ කාලසීමාවේදී බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය සිදු කිරීමේ සාකච්ඡා මේ වන විට 90%කින් පමණ සාර්ථක බවත් මේ පිළිබඳ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ද තහවුරු කළේය.

මේ අතර, බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් සහ එක්දින වශයෙන් අදියර දෙකකින් සිදු කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. ටෙස්ට් තරගමාලාව නිමා වීමෙන් පසු ලබන වසරේ මැයි මාසයේදී එක්දින තරගමාලාව සඳහා ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ පිල යළි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ඊට පෙර ලබන ජනවාරි මාසයේ දී එංගලන්ත පිල ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර, ඊට ටෙස්ට් තරග 2ක් ඇතුළත් ය.

ලබන වසරට පෙළ ගැසී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කාලසටහනට අන්තර්ජාතික තරගමාලා 10ක් ඇතුළත් වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් මෙතෙක් තහවුරු වී නැත.

එසේ වුවත් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගමාලා සඳහා ශ්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සංචාරය කිරීමට නියමිත බවත්, අනතුරුව ලබන මැයි මාසයේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට අයර්ලන්ත පිල මෙරටට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ. ජූනි මාසයට යෙදෙන බංග්ලාදේශ පිලේ එක්දින තරග සංචාරයෙන් පසු ජූලි මාසයේදී ශ්‍රී ලංකා පිල එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට එංගලන්තය බලා පිටත්වනු ඇතැයි ද වාර්තා වේ. ජූලි මාසයේදී ඉන්දීය පිලත්, දකුණු අප්‍රිකානු පිල ලබන අගෝස්තු මාසයේදීත්, ස්කොට්ලන්ත පිල සැප්තැම්බර් මාසයේදිත්, ඇෆ්ගනිස්තාන පිල නොවැම්බර් මාසයේදිත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර, එම තරග සංචාරයන් ද මෙතෙක් තහවුරු වී නැත.

මීට අමතරව ලබන වසරේ ජූනි මාසයේදී ආසියානු කුසලාන තරගමාලාව සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුවී තිබේ. ලබන ජූලි මාසයේදී එල්පීඑල් දෙවැනි අදියරේ තරගමාලාව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරමින් සිටී. අයිසීසී විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here